සමාජජාල වෙබ් අඩවි හරහා දැනුවත් කර තරුණ තරුණියන් පිරිසක් එක්ව පැවැත්වූ සාදයකින් පසුව අසභ්‍ය ලෙස හැසිරීම නිසා ඇතිවුණු සිද්ධියක් ගැන ජාඇල පැත්තෙන් අහන්න ලැබුණා.
මෙම සාදය ඊයේ පවත්වා තිබුණේ ජාඇල උදම්මිට ප්‍රදේශයේ හෝටලයකයි.
එහි පළමු අදියර පසුගිය 15 වැනිදා උස්වැටකෙයියාව පැත්තේ හෝටලයක පවත්වා ඇති බවත් ඊට එක් අයෙකුගෙන් රුපියල් 3000 ක මුදලක් එකතු කර ඇති බවත් වාර්තා වුණා.
මෙම සාදයේ දෙවැනි අදියරයි ඊයේ ජාඇල හෝටලයකදී පවත්වා තිබුණේ.
සාදයේදී මත්පැන් සහ මත්පෙති විශාල වශයෙන් භාවිත කර ඇති අතර හෝටලයෙන් ඉවතට පැමිණි තරුණයන් සහ තරුණියන් අසභ්‍ය ලෙස හැසිරී තිබෙනවා.
එම හේතුවෙන් ගම්වැසියන් ඔවුන්ව පලවා හැරීමට කටයුතු කර තිබුණා.
මෙම සිද්ධිය පාලනය කිරීමට ජාඇල පොලිසිය සහ සීදුව පොලිසියද එම ස්ථාන්යට පැමිණියා.
එම වීඩියෝව පහතින්…
