Gossip

ඇඟ හදාගෙන කාගෙත් හිත ගත්ත නුවර රෝහලේ නෙත් සුව කරන Doctor පණ්ඩුල කප් ගහපු හැටි – Photos

ජීවිතයක් සුවපත් කරන්න පුළුවන්නම් ඒක කවදාවත් මිල කරන්න බැහැ.
ඒ විදිහට දහසක් නෙත් සුවපත් කරන අපූරු වෛද්‍යවරයෙක් ගැන මුහුණුපොතෙන් ඔබත් මීට කාලෙකට කළින් දැනගන්න ඇති.
ඔහු නමින් පණ්ඩුල බස්නායක.
නුවර පදිංචි වෙලා ඉන්න වෛද්‍ය පණ්ඩුල බස්නායක මහනුවර රජයේ රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා.
අවුරුදු 6 කට කළින් වෛද්‍ය සේවයට එක්වුණු ඔහු ගැන හුඟක් අය කතාවෙන්න පටන් ගත්තේ ඔහුගේ සිරුර නිසා.
කාය වර්ධන ව්‍යායාම කරලා ඇඟ හදාගත්ත මොහු ඊයේ (23)මාතරදි පැවැත්වුණු 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේදී අයෝමය ශූරයා වශයෙන් ජයග්‍රහණය කරලා.
මේ ගැන අපි පණ්ඩුලගෙන් ඇහුවම ඔහු කියපු දෙයක් තමයි තහනම් උත්තේජකවලින් තොරව කාය වර්ධන ව්‍යායාම සිදුකිරීමට තරුණ පරපුර යොමු කරවීමට තමන් බලාපොරොත්තු වෙනවා කියලා.
ඒ වගේම තමන්ගේ සිරුරට ආදරය කරන ගොඩක් අයගේ පැසසුම් ලැබෙද්දි ලොකු සතුටක් හිතට දැනෙනවා කියලත් ඔහු අපිට කිව්වා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!