Gossip

ඇඳුමක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරි අවස්ථා තියෙනවා, දරු පැටියෙක් පවුලට එකතු වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා

හිමාලි සිරිවර්ධන කියන්නේ රංගනයට වගේම නර්ථනයටත් දක්ෂ චරිතයක්.
ඇය තමන්ගේ කලා ජීවිතය ගැනත් පෞද්ගලික ජීවිතය ගැනත් සතිඅන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුණා.

මොනවද අලුත් තොරතුරු?

රංගන කටයුතු නිසා මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

ටෙලි නාට්‍යය චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙන්නෙ තෝරා බේරාගෙනද?

ඔව්. පසුගිය කාලේ ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණත් මම ආස වුණේ නැහැ. චිත්‍රපටත් ඒ වගේමයි.

රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලයයි අදයි අතර වෙනස මොන විදිහටද දකින්නෙ?
එක පැත්තකින් දියුණුවක් තියෙනවා. මෙගා කියන සංකල්පය එන්න කලින් තමයි මම ක්ෂේත්‍රයට ආවේ. ඒ කාලේ හොඳ නිර්මාණ බිහි වුණා.
අද මෙගා සංකල්පය නිසා නිර්මාණකරුවන් අසරණ වෙලා ඉන්නවා.
ඒ ගුණාත්මක නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දීමට නොහැකි නිසයි. ඒ කාලේ හොඳ චරිත රඟපාන්න ලැබුණා. ඒ නිර්මාණවලින් ඉගෙන ගන්න දේවල් තිබුණා. නමුත් වර්තමානයේ ලැබෙන නිර්මාණ නිකම්ම නිකම් ටෙලි නාට්‍යයක් විතරයි. දැනට වඩා ඒ කාලේ හොඳයි කියලා හිතෙනවා.

ඉන්දීය ටෙලි නාට්‍යය විකාශය වීම ගැන මොකද හිතන්නෙ?
වාසි අවාසි දෙකම තියෙනවා. හඬ කැවීම් ශිල්පීන්ට ඒ ටෙලි නාට්‍යය විකාශය වීම වාසියක්. එක පැත්තකින් රංගන ශිල්පීන් ශිල්පිනියන්ට අවාසියක් වෙනවා. මොකද හොඳ නිර්මාණ කරන්න අවස්ථාව නැතිවෙලා යන නිසා.

හිමාලිගේ ජීවිතේ සතුට රඳා පවතින්නේ වෘත්තිය ජීවිතේ සාර්ථකත්වය මතද?
ඒකත් පැත්තක්. පුද්ගලික ජීවිතේ හරි වටිනවා. මොකද පවුලක් විදිහට හොඳ අත්තිවාරමක් තිබුණොත් තමයි නිර්මාණ කටයුතු සාර්ථක වෙන්නෙ. ඒ නිසා දෙකම මට වටිනවා.

වෘත්තීය ජීවිතයට සැමියාගෙන් මොන වගේ සහායක්ද ලැබෙන්නෙ?
මම වෘත්තීය ජීවිතයට සීමා මායිම් පනවාගෙන ඉන්නවා. ඒ නිසා මගේ සැමියාට වෘත්තීය ජීවිතේට සීමා පනවන්න වෙන්නෙ නැහැ.
සමහර දර්ශන සමහර ඇඳුම් පැලඳුම් අඳින්නේ නැහැ කියලා මමම සීමා පනවාගෙන ඉන්නෙ. ඔහුගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.

හිමාලිගේ පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?
මම ගෙදරදී සාමාන්‍ය කෙනෙක්. මොකද රංගන ශිල්පිනියක් කියන දේ මම ඒ මොහොතට අමතක කරනවා.
හැම ලේම මට ඕන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. වෘත්තීය ජීවිතයේදීත් මට අවශ්‍ය වන්නේ මගේ නම ආත්මගරුත්වය රැකගෙන ඉදිරියට යන්නයි. ඒ දේ නැති කරගෙන කොච්චර දේවල් ලැබුණත් වැඩක් නැහැ. පසුතැවෙන්නයි වෙන්නේ. පසුතැවීම් නැතුව සාර්ථක වෙන්නයි මට අවශ්‍ය වෙන්න

ජනප්‍රියත්වය නිසා නිදහස සීමාවුණු අවස්ථා නැද්ද?
එහෙම අවස්ථාවන් ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ඒක කරදරයක්.
අපට නිදහසේ ඕන වෙලාවට ඕන ඇඳුමක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරි අවස්ථාවන් තියෙනවා. ඒ නිදහස සීමා වෙනවා. මොකද රංගන ශිල්පිනියක් නිසා මිනිස්සු අපි ගැන බලනවා. එක පැත්තකින් ඒක වදයක්. එක පැත්තකින් හොඳයි

හිමාලි සැබෑ ජීවිතයේ මොන වගේ චරිතයක්ද?
ටිකක් කේන්ති යන ඉක්මනට දුක හිතෙන කෙනෙක්. ඒ වගේම ගොඩක් වැඩ බදා ගන්නෙ නැතුව නිදහසේ ඉන්න මම හරි කැමැතියි. වැඩිපුරම පවුලෙ අයත් එක්ක තමයි ඉන්න කැමැති.

ජිවිතේ ඉටු කර ගන්න හීන තියෙනවාද?
රංගන ශිල්පිනියක් ලෙස දෙයක් කරන්න පුළුවන් නිර්මාණ ලැබිලා තියෙන්නේ අඩු ප්‍රමාණයක්. හොඳ නිර්මාණවලට දායක වෙන්නෙ ලැබේවි කියන බලාපොරොත්තුවක් තියෙනවා. විවාහ වෙලා සෑහෙන කාලයක් වෙනවා. ඒ නිසා දරු පැටියෙක් පවුලට එකතු වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!