Gossip

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු සංචාරයට සමගාමීවයි.

එහිදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ කාන්තා සාමාජිකාවන් සිය රටට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ‘රාකී’ බැඳ එම උත්සවය සැමරූ බව සඳහන්.

දකුණු අප්‍රිකාවේ ආර්ය සමාජ සභාපති ආර්ති නානාක්චන්ද් ෂැනන්ඩ් සහ ඉන්දියානු ප්‍රජාවේ සාමාජිකයෙකු, කතුවරයෙකු සහ සංස්කෘතික භාරකරුවෙකු වන ආචාර්ය සර්රෙස් පදායාචී එක්ව අග්‍රාමාත්‍යවරයා වෙත රාකි බැඳ තිබේ.

ඔවුන් පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යනු ඉන්දියානුවන්ට සහෝදරයෙකුටත් වඩා පියෙකු බවයි.

අගමැති මෝදි ලෝකය දකින්නේ එක් පොළවක්, එක පවුලක් යන සංකල්පය ඔස්සේ බව ද ඔවුන් පවසා තිබේ.

ඉන්දියානුවන් අගෝස්තු මාසයේදී රාකි උත්සවය සමරනු ලබයි.

ඉන්දීය කාන්තාවන් එහිදී සිය සහෝදරයින් වෙත රාකි බැඳ ඔවුන්ට ආරක්ෂාව ප්‍රාර්ථනා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!