Gossip

ඉන්දියාව වෙනුවෙන් පෙරට ආ අමෙරිකානු යුවතිය…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීම සදහා අමෙරිකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් සහිත තරුණියක් අරමුදලක් රැස් කර තිබේ.

ඇය 16 හැවිරිදි ටනිෂ්කා ධාරිවාල්.

ඇය එලෙස රැස්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් 10,000 ක්.

ටනිෂ්කා විසින් නිව් යෝර්ක් හි ඉන්දීය කොන්සල් ජනරාල් රන්දීර් ජයිස්වාල් වෙත ඉකුත් දා එම අරමුදල් පිරිනමා තිබුණි.

ඇයට එම අරමුදල රැස් කිරීම සඳහා ඇගේ මිතුරු මිතුරියන් පිරිසකගේ ද සහය හිමිව තිබේ.

ටනිෂ්කා ධාරිවාල් පවසන්නේ පාසලේ සහ සිය අනෙකුත් මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමග එක්වී තමන් අමෙරිකානු ඩොලර්10,000 කට වඩා රැස් කළ බවයි.

ඔඩීෂා අනතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමට මෙම මුදල භාවිත කළ හැකි බව ඇය සඳහන් කර තිබේ.

තවත් මෙවැනි අරමුදල් පිහිටුවීම සඳහා එය ආරම්භයක් වනු ඇති බව ද ටනිෂ්කා ධාරිවාල් පවසා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!