Gossip

එලෝන් මස්ක්ගේ සමාගමක ලොකු පුටුවකට ඉන්දියානුවෙක් තෝරා ගනී…

ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන එලෝන් මස්ක්ට අයත් ටෙස්ලා සමාගමේ ඉහළ තනතුරකට ඉන්දියානු සම්භවයක් සහිත වේභාව් ටනීජා පත් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ටෙස්ලා සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස ඔහු පත් කර ඇති බවයි.

එම සමාගමේ හිටපු මූල්‍ය ප්‍රධානියා වූ සකේරි කිකෝන් ඉකුත් දා සිය තනතුරෙන් ඉවත් වී තිබේ.

ඒ අනුව අගෝස්තු 07 වනදා සිට ටෙස්ලා සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස පත්ව ඇත්තේ වේභාව් ටනීජා.

ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

ඒ වාණිජ විෂය ධාරාවෙන්.

දශක දෙකකට වඩා වැඩි කාලයක් මූල්‍ය ක්ෂ්‍රේත්‍රයේ වෘත්තිය පළපුරුද්ද ඇති වේභාව් ටනීජා, තාක්‍ෂණය, මූල්‍ය, වෙළඳ සහ විදුලි සංදේශ යන බහුජාතික සමාගම් රැසක සේවය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!