Gossip

බංග්ලාදේශයට අත දෙන ඉන්දියාව…

ඉන්දීය සහාය ඇතිව බංග්ලාදේශය විසින් ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.

විදුලිබල ව්‍යාපෘතියක් සහ දුම්රිය මාර්ග ව්‍යාපෘති දෙකක් ඒ අතර වේ.

ඊට අදාළ එකඟතාවලට ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව සිදු කෙරෙන බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනාගේ ඉන්දීය සංචාරයේදී එළඹෙනු ඇතැයි සඳහන්.

බංගලාදේශයේ ඉන්දීය මහ කොමසාරිස් Pranay Verma විසින් මෙම ව්‍යාපෘති වලට අදාළ කටයුතු නිවේදනය කර තිබේ.

එමෙන්ම ඔහු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමුවී ඉන්දු-බංග්ලාදේශ ද්විපාර්ශ්වික සබඳතාව පිළිබඳව පුළුල් සාකච්ඡා පවත්වා ඇති බව ද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!