Gossip

ටැන්සානියාවට හොඳ හිත පෙන්වන ඉන්දියාව…

ටැන්සානියාව තුල පළමු ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) පිහිටුවීමට අදාළ ගිවිසුම් සඳහා අත්සන් තබා තිබෙනවා.

ඒ සඳහා දෙරට විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඉකුත්දා සිදුකළ ටැන්සානියා සංචාරයේ ප්‍රධානතම පියවර වූයේ ද එරට තුළ පළමු ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) පිහිටුවීමයි

මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ටැන්සානියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරන්නක් බව ඉන්දීය වාර්තා පවසයි.

ඉන්දියාවට උපායමාර්ගිකව වැදගත් වන අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ටැන්සානියාව නිදහසින් පසු ඉන්දියාව සමග විශ්වාසදායක සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් ඇත.

එය චීනයට සමීප යැයි සිතුවද, ඉන්දියාව සමඟ ඇති බැඳීමෙහි නොසැලී පවතී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!