Gossip

ආසියානු ක්‍රීඩා උළෙලට කලින්ම සැරසෙන භූතානය…

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා භූතාන මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේවනවිට මහත් උද්‍යෝගයෙන් යුතුව සූදානම් වෙමින් සිටී.

භූතානයේ ක්‍රීඩා බලධාරීන් පවසන්නේ සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් අභිමානයෙන් තරඟ කරනු ඇති බවයි.

පිහිනුම් ඉසව් සම්බන්ධයෙන් භූතානයට මෙවර බලාපොරොත්තු දෙකක් ඇත.

ඒ ඔවුන්ගේ පිහිනුම් ශූරයින් වන Sangay Tenzin සහ Kinley Lhendup පිළිබඳවයි.

ක්‍රීඩා බලධාරීන් පවසන්නේ ඔවුන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී භූතානයේ වෙනුවෙන් සලකුණක් තබනු ඇති බවයි.

එහිදී Sangay Tenzin මීටර් 100 සහ 200 නිදහස් ආර ඉසව් සඳහා ඔහුගේ දස්කම් ප්‍රදර්ශනය කරනු ඇති.

භූතානයේ අනෙක් බලාපොරොත්තුව වන Kinley Lhendup මීටර් 200- සහ 100 කේවල මිශ්‍ර තරඟ සඳහා තරඟ කරනු ඇතැයි සඳහන්.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට පෙර ඔවුන් ජපාන පිහිනුම් ශූරතාවලියට තරග වදිනු ලැබේ.

එම තරග ජුලි 23 සිට 28 දක්වා ජපානයේ පැවැත්වේ.

එහිදී ඔවුන් ආසියානු ක්‍රීඩා උළෙලට සඳහා සූදානමක් ලබා ගනු ඇතැයි භූතානයේ ක්‍රීඩා බලධාරීන් විශ්වාසය පළ කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!