Gossip

ඉන්දියාවට සල්ලි ගලා ගෙන එන හැටි…

2022 මැයි මාසයෙන් පසු පළමු වතාවට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 600 ඉක්මවා ගොස් තිබේ.

එය මාස 15 කට පසු වාර්තා වූ ඉහළම අගය ලෙස සැලකෙයි.

ඒ අනුව ඉකුත් ජූලි 14 වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 609 ක් බව සඳහන්.

විදේශීය ආයෝජකයින්ගෙන් ඩොලර් ගලා ඒම ඊට වැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාවේ විදේශ සංචිත ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් බිලියන 600 සීමාව ඉක්මවා ගියේ 2021 ජුනි මාසයේදීයි.

ඒ රට තුළට ගලා ආ වාර්තාගත සෘජු විදේශ ආයෝජන හමුවේයි.

ඉන්දීය සංචිත බැංකුව විසින් තබා ගෙන ඇති අමෙරිකානු බැඳුම්කරවල වැඩිවීම සහ ඩොලර් නොවන මුදල්වල අගය ඉහළ යාමද ඊට හේතු වී ඇති සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඉන්දීය සංචිත බැංකුව සතු විදේශ මුදල් වත්කම්වලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් අමෙරිකානු ඩොලර් වෙයි.

ඉතිරිය යුරෝ, යෙන්, පවුම් සහ චීන රෙන්මින්බි ද වන බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!