Gossip

ලොව ධනවතා අමෙරිකානු ජනපති සටන ගැන කියන දේ…

එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා තරග බිමට පිවිස සිටින විවේක් රාමස්වාමි වෙත ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් සහය හිමිව තිබේ.

මස්ක් පවසන්නේ රාමස්වාමි යනු බලාපොරොත්තු තැබිය හැකි අපේක්ෂකයෙකු බවයි.

චීනය යනු මේවනවිට අමෙරිකාව මුහුණ දෙන විශාලතම අභියෝගයක් බව ද මස්ක් සිය x ගිණුමේ සටහන් කර තිබේ.

ඒ සඳහා විසඳුම් ගෙන ඒමට රාමස්වාමි සමත් වනු ඇතැයි ද එලෝන් මස්ක් බලාපොරොත්තු පළ කරයි.

අමෙරිකානු නීති සම්පාදකයෙකු වන විවේක් රාමස්වාමි රිපබ්ලිකන් පාක්ෂිකයෙක්.

ඔහු ජනාධිපතිවරණ තරග බිමට පිවිස සිටින්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවයි.

විවේක් රාමස්වාමි ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවකු වන අතර ඒ හමුවේ මේවනවිට ඔහුට වැඩි අවධානයක් යොමුව තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!