Gossip

කාශ්මීරයේ කාන්තා ක්‍රිකට් ලීගය ඇරඹෙයි…

කාශ්මීර කාන්තා ක්‍රිකට් ලීගය අගෝස්තු 19 සිට අගෝස්තු 26 දක්වා පැවැත්වේ.

ඒ ශ්‍රීනගර් හි ෂර්-ඊ-කාශ්මීර් ක්‍රීඩාංගනයේදීයි.

19 වනදා පැවැති උත්කර්ශවත් සමාරම්භක උත්සවයකින් අනතුරුව ආරම්භ කෙරුණු මෙම තරගාවලිය සඳහා කාශ්මීරය නියෝජනය කරමින් දක්ෂතම කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 12 ක් සහභාගී වී සිටියි.

සෑම තරඟයකදීම තරඟයේ වීරයා, හොඳම පිතිකරු සහ පන්දු යවන්නා උදෙසා ත්‍යාග පිරිනමනු ලැබේ.

මීට අමතරව, ජයග්‍රාහකයන්ට සහ අනුශූරයන්ට කුසලාන සහ මුදල් ත්‍යාග ද පිරිනැමේ.

කාශ්මීර කාන්තා ක්‍රිකට් ලීග තරගාවලියේ අවසන් මහා තරඟය අගෝස්තු 26 වන දා පස්වරු 02:30 ට ආරම්භ වීමට නියමිතයි.

උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වන්නේ ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන මිතාලි රාජ්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!