Gossip

නිදහස් උත්සවයේදී ඉන්දියාවේ කුඹල්කරුවන්ට වුන දේ…

ඉන්දියාවේ කුඹල් කර්මාන්තයේ නිරත ශිල්පීන්ට මෙවර කලින්ම දීපවාලි උත්සවයේ අසිරිය පැමිණ තිබුණි.

ඒ, ඉන්දියාවේ 77 වන නිදහස් දිනය හේතුවෙන්.

එලෙස නිදහස් උත්සවය හේතුවෙන් කුඹල්කරුවන් කිහිපදෙනෙකුගේ ආදායම් මාර්ග සරු වී තිබුණි.

ඒ, නිදහස් උත්සවයට අවශ්‍ය මැටි පහන් වෙනුවෙන් ලද ඇනවුම් හේතුවෙන්.

එලෙස කාශ්මීරයේ වෙසෙන කුඹල්කරුවෙකු වන උමාර්ට ද නිදහස් දිනය වෙනුවෙන් ලොකු ඇනවුමක් හිමිව තිබුණි.

ඒ, මැටි පහන් 10,000 ක් වෙනුවෙන්.

උමාර් පරම්පරාවෙන් උරුම වූ මැටි කර්මාන්තයේ නිරත වන්නේ කුඩා කාලයේ සිටයි.

එතෙක් මෙතෙක් කාලය තුළ තමාට හිමිවූ විශාලතම මැටි පහන් ඇනවුම මෙය බවත් ඒ හරහා මෙවර සිය පවුලේ ආදායම් තත්ත්වය සරු වූ බවත් උමාර් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!