Gossip

ඉන්දියාව වෙනුවෙන් අමෙරිකාව පා ගමනක…

ඉන්දියාවෙන් පිටත පැවැත්වෙන ලොව විශාලතම ‘ඉන්දියා දින පා ගමන’ ඉකුත් ඉරිදා පැවැත්වුණි.

ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදීයි.

මෙවර පැවැත්වුණේ 41 ක් වන ඉන්දීය දින ලෝක පා ගමනයි.

නිව්යෝර්ක් හි ඉන්දියානු සම්මේලනය විසින් එය සංවිධාන කර තිබුණි.

ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවන් ඒ සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබා දී තිබේ.

මෙවර පා ගමන සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර දැවැන්ත පා ගමන නිව්යෝර්ක් නගරයේ 38 වන වීදියෙන් සහ මැඩිසන් මාවතෙන් ආරම්භ වී තිබුණි.

බොහෝ දෙනෙක් ඉන්දියානු ත්‍රිවර්ණ ධජය අතැතිව, උත්සවාකාර ඇඳුමින් සැරසී, බෙර වාදනය කරමින් සහ නර්තනයේ යෙදෙමින් පා ගමනට එක් විය.

මෙම පාගමන සැලකෙන්නේ ඉන්දියාව සහ අමෙරිකාව ඒකාබද්ධ කරන විචිත්‍රවත් අවස්ථාවක් ලෙස‍යි.

නිව්යෝර්ක් බලධාරීන්ගේ ද සහය හිමිවූ පා ගමන සඳහා නිව්යෝර්ක් නගරාධිපති Eric Adam ද සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඊට අමතරව අමෙරිකාවේ ඉන්දීය ඩයස්පෝරාව නියෝජනය කරන බොහෝ පිරිසක් ද ඊට සහභාගී වී තිබේ.

ඒ අතරින් කාගේත් අවධානය හිමිව තිබුණේ සුපිරි බොලිවුඩ් නිළි Jacqueline Fernandez වෙතටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!