Gossip

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට අලුත් නමක්…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom ඉකුත් දා සෞඛ්‍ය සහ වෛද්‍ය සම්මේලන කිහිපයකට සහභාගී වීමට ගුජරාටයට පැමිණ තිබුණි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුව පිළිගෙන තිබුණේ ගුජරාටි නාමයක් වන ‘තුල්සි බායි’ නමින් ආමන්ත්‍රණය කරමින්.

අලුතින් සොයාගත් නමට ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ තමාව ‘ නියම ගුජරාටි’ වැසියෙක් බවට පත් කරන නමකින් හැඳින්වීම ගැන සතුටු වන බවයි.

“තුල්සි යනු ඖෂධීය ශාකයක් නිසා මම තුල්සි භායි යන නමට කැමතියි. මම මේ සුවතා මධ්‍යස්ථානයේ තුල්සි පැලයක් සිටුවනු ලැබුවා. එය බොහෝ ප්‍රතිලාභ ඇති නිසා එය කිරීම ගැන ඇත්තෙන්ම සතුටුයි,” ගාන්ධිනගර් හි සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථානයකට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ පැමිණීම සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේ මගේ හොඳ මිතුරා තුල්සි භායි පැහැදිලිවම නවරාත්‍රි සඳහා හොඳින් සූදානම්ව සිටින බව හා ඉන්දියාවට සාදරයෙන් පිළිගන්නා බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!