Gossip

පසමිතුරන් මිතුරන් කළ මහ මුහුදේ මෙහෙයුම…

මහ මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සිටි චීන ජාතිකයෙකුගේ දිවි බේරා ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ මුම්බායි නුවරට ඔබ්බෙන් වූ අරාබි මුහුදු සීමාවේදීයි.

එන මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ පැනමාවේ ධජය රැගත් පරීක්ෂණ නෞකාවක් වන MV Dong Fang Kan Tan No 2  නෞකාවේ සිටි චීන ජාතිකයෙකු මෙලෙස හදිසියේ රෝගී වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහුට හෘදයාබාධයක් හට ගෙන ඇති බවයි.

ඒ අනුව නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් ආසන්නයේ පිහිටි මුම්බායි හි වෙරළාරක්ෂක කාර්යාලයේ සහය ඉල්ලා තිබේ.

එහිදී වහම ක්‍රියාත්මක වූ ඉන්දීය වෙරළාරක්ෂක භට කණ්ඩායමක් අදාළ නෞකාව ආසන්නයට ගොස් චීන ජාතිකයා මුදා ගෙන හදිසි ප්‍රතිකාර ලබා දී තිබේ.

රාත්‍රී අඳුර හෝ අදාළ මුහුදු සීමාවේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නොතකා ඉන්දීය වෙරළාරක්ෂක භටයින් එම ස්ථානයට ලගා වී ඇතැයි ද සඳහන්.

කෙසේවෙතත් සිය රටවැසියාගේ දිවි බේරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ඉන්දීය වෙරළාරක්ෂක බලකායට ප්‍රශංසා කර තිබේ.

පැවැති බාධක නොතකා එම ස්ථානයට ලගා වීම සම්බන්ධයෙන් ද එහිදී ස්තූතිය පල කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!