Gossip

කාශ්මීරයේ කුංකුම සඳහා වාර්තා ගත මිලක්…

කාශ්මීරය ඉතා උසස් වර්ගයේ කුංකුම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

මේ දිනවල කාශ්මීරයේ කුංකුම සඳහා ලොව පුරා රටවලින් හොඳ ඉල්ලුමක් පවතින අතර ඒවා අලෙවි වන්නේ ඉහළ මිල ගණන් යටතේයි.

එබැවින් කාශ්මීරයේ කුංකුම වගා කරන ගොවීන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

කාශ්මීරයේ හටගන්නා කුංකුම සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ එම කුංකුම සඳහා භූගෝලීය දර්ශක (GI) ලාංඡනය හිමි වීමයි.

ලොව ඇති භූගෝලීය දර්ශක (GI) ලාංඡනය හිමි එකම කුංකුම වර්ගය වනුයේ කාශ්මීර කුංකුම යි.

මේ හේතුවෙන් ලොව වෙනත් රටවල කුංකුම කාශ්මීරයේ කුංකුම ලෙස අලෙවි කිරීම නවතිනු ඇති.

එමෙන්ම ගැනුම්කරුවන්ට ද වෙළඳපල තුළ පවතිම කාශ්මීරයේ කුංකුම හඳුනා ගැනීම මේ හරහා පහසු වෙයි.

මේ වනවිට කාශ්මීරයේ කුංකුම මිලදී ගනු ලබන ප්‍රධාන ගැනුම්කරුවෙකු වන්නේ එක්සත් අරාබි එමීරයයි.

මේවනවිට කාශ්මීර කුංකුම ග්‍රෑම් 10 ක් අලෙවි වන්නේ රුපියල් 3, 250 ක මුදලකටයි.

එය රිදී ග්‍රෑම් 47 ක මිලට සමාන බව විදෙස් මාධ්‍ය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!