Gossip

ලොව පුරා සංචාරකයින් කාශ්මීරය සොයා එයි…

ඉන්දියාවේ කාශ්මීරයට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත.

ලොව පුරා ප්‍රකට කාශ්මීරයේ සොභාසෞන්දර්‍යය ලොව පුරා සංචාරකයින් ඉන්දියාව වෙත කැඳවා ගනී.

නවතම දත්ත වාර්තා අනුව මෙම වසරේ මුල් මාස පහ තුළ විදේශීය සංචාරකයින් 18,000 කට අධික පිරිසක් කාශ්මීරයට පැමිණ තිබේ.

එය පසුගිය දශක තුන තුළ කාශ්මීරයට මාස 05ක් තුල පැමිණි ඉහළම සංචාරකයින් සංඛ්‍යාවයි.

ඉන්දියාව සභාපතිත්වය දරණ G20 සමුළුවට සමගාමී රැස්වීම් කාශ්මීරයේ පැවැත්වේ.

එය කාශ්මීරයට පැමිණෙන සංචාරකයින් ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන සාධකයකි.

කාශ්මීරයට පැමිණෙන සංචාරකයින් අතර තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි අග්නිදිග ආසියානු රටවල පුද්ගලයින් ප්‍රමුඛ වේ.

ඊට අමතරව, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව වැනි බටහිර රටවල වැසියන් ද වැඩි වශයෙන් මෙම වසරේ මුල් මාස 05 ක කාලය තුළට කාශ්මීරයට පැමිණ තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!