Gossip

භූතානයේ තරුණයින් අන්නාසි වගාවට පෙළඹෙයි…

භූතානයේ Trashigang හි Kanglung දිස්ත්‍රික්කයේ තරුණයන් විසින් පවත්වාගෙන යනු ලබන අන්නාසි ගොවිපලක් භූතානයේ සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

කාබනික ගොවිපලක් ලෙස පවත්වාගෙන යනු ලබන එහි හිමිකරු වන්නේ 26 හැවිරිදි Kinga Wangchuk.

භූතානයේ තරුණ ප්‍රජාව සිය මූලික රැකියාව ලෙස ගොවිතැන තෝරා නොගත්ත ද ඔවුන් විනෝදාංශයක් ලෙස එය සිදු කරයි.

එවැනි පුද්ගලයින් බොහෝවිට අන්නාසි වගාව තෝරා ගන්නා අතර Kanglung දිස්ත්‍රික්කයේ අන්නාසි වගාවට යොමු වන තරුණයින් සඳහා Kinga Wangchuk මග පෙන්වීම සිදු කරනු ලබයි.

Kinga Wangchuk අක්කර දහයක භූමි ප්‍රමාණයක මේවනවිට අන්නාසි වගා කර තිබේ.

ගිය වසරේදී පමණක් ඔහු අක්කර හතරකින් ඵලදාව ලබා ගෙන ඇත.

ඉන් අක්කර 06 ක භූමි ප්‍රමාණයකින් ඵලදාව අපේක්ෂා කරන්නේ ලබන වසරේදීයි.

මෙම මාසය අවසන් වන විට,ඔහු අපේක්ෂා කරන අන්නාසි ඵලදාව කිලෝග්‍රෑම් 3,000 කට වැඩි අධිකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!