Gossip

ආර්ථිකය ශක්තිමත් කරන කාශ්මීරයේ කාන්තාවන්…

ඉන්දියාවේ ග්‍රාමීය කාන්තාවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ ස්වයං රැකියා යි.

එහිදී මී මැසි පාලනයට ප්‍රමුඛත්වය හිමිවේ.

මී මැසි පාලනය සඳහා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශය ප්‍රකට බව ඉන්දීය මාධ්‍ය පවසයි.

පුල්වාමා හි කාන්තාවන් කණ්ඩායම් වශයෙන් එක් වී මී මැසි පාලනයේ නිරත වේ.

ඔවුන් මේවනවිට සාම්ප්‍රදායික ක්‍රම්වේදයෙන් බැහැරව නවීන තාක්ෂණය සමගින් කටයුතු කරයි.

නවීන මී මැසි පාලනය සහ මී පැණි නිස්සාරණය වැනි සංකීර්ණ තාක්ෂණික ක්‍රම ඔවුන් සතුව තිබේ.

පුල්වාමා හි ගංගූ ගම්මානයේ වෙසෙන 25 හැවිරිදි ආසියා ජාන් ඊට සාක්ෂි සපයයි.

ද්විතීක අධ්‍යාපනයෙන් පසු මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට සිතූ ඇය තමාට ආරම්භ කල හැකි ස්වයං රැකියාවක තොරතුරු සොයා ගියාය.

එහිදී ඇය තෝරා ගනු ලැබුවේ මී මැසි පාලනයයි.

මේ වනවිට ආසියා ජාන් ග්‍රාමීය කාන්තාවන් 20 දෙනෙකුට පමණ රැකියා ලබා දී තිබේ.

ඔවුන් කාශ්මීරයට කාබනික වගාවෙන් මී පැණි ලබා දෙයි.

ඉතා උසස් වර්ගයේ එම මී පැණි සඳහා හොඳ ඉල්ලුමක් පවතින අතර ආසියා ජාන්ගේ උපදේශකත්වය යටතේ මී මැසි වගාවට නැඹුරු වී ආර්ථික වශයෙන් ස්වාධීන වූ තවත් කණ්ඩායම් කිහිපයක් ගංගූ ගම්මානයේ සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!