Gossip

කලාවට ප්‍රකට කාශ්මීරයේ තරුණ වෛද්‍යවරිය…

දකුණු කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ ඉක්බාල් අබාද් ප්‍රදේශයේ සිටින තරුණ වෛද්‍යවරියක් සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දීය මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබේ.

ඒ, ඇයගේ කලා කුසලතා හේතුවෙන්.

ඇය නමින් තබීෂ් අජාස් ඛාන්.

ඉවතලන ද්‍රව්‍ය මගින් අලංකාර නිර්මාණ හා බිත්ති සැරසිලි නිර්මාණය කිරීම ඈ සතු කලා කුසලතාවයි.

තබීෂ්ගේ කලා ගමන ආරම්භ වූයේ ඈ කුඩා කාලයේදීයි.

ඉවතලන කඩදාසි, කුරුළු පිහාටු, ගල් වර්ග සහ ඉවතලන විවිධ භාණ්ඩ කොටස් වැනි අපද්‍රව්‍ය මත කලා නිර්මාණය කිරීමෙන් ඇය විනෝදයක් ලැබුවාය.

කාලය ගතවීමත් සමග විනෝදාංශ පුරුද්දක් කර ගත් තබීෂ් වෛද්‍ය වෘත්තිය තෝරා ගත්ත ද විනෝදාංශය අමතක නොකළාය.

2016 කාශ්මීර නොසන්සුන්තාව අතරතුර ඇයගේ සිය නිර්මාණ සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගත්තාය.

තබීෂ් අද වෛද්‍ය වෘත්තිය සේම ඇයගේ කලා නිර්මාණ සඳහා ද දකුණු කාශ්මීරය තුළ ප්‍රකටයි.

සිය කලා නිර්මාණ සඳහා ප්‍රජාවගෙන් පවතින ඇගයීම සහ ඉල්ලුම තබීෂ්ව පුදුමයට පත කර ඇත.

එහෙත් ඒ කිසිවක් ඇගේ වෛද්‍ය වෘත්තියට බාධාවක් වී නොමැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!