Gossip

ඉන්දියාවේ නිදහස් දිනයේදී නේපාලයට තෑගි…

ඉන්දියාවේ 77 වන නිදහස් දිනය යෙදී ඇති ඊයේ දිනයේදී විදෙස් රටවල ස්ථාපිත ඉන්දීය තානාපති කාර්යාල මගින් වැඩසටහන් සංවිධාන කර තිබුණි.

ඒ අතරින් නේපාලයේ ඉන්දීය තානාපති කාර්යාලය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකළ නේපාලයේ බිෂ්ණුදේවි ද්විතීයික පාසලේ නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම ඊයේ සිදු කෙරුණේ ඉන්දියාවේ 77 වන නිදහස් දිනයට සමගාමීවයි.

එය නිල වශයෙන් භාරදීම නේපාලයේ ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව වැය කර ඇති මුදල රුපියල් මිලියන 69.

භූමිකම්පාවලට ඔරොත්තු දෙන පරිදි ප්‍රතිසංස්කරණය කර ඇති ගොඩනැගිල්ලට පන්ති කාමර 13 ක්, පරිපාලන කාමර, පුස්තකාලයක්, බහුකාර්ය ශාලාවක් සහ ප්‍රායෝගික සහ විද්‍යාගාර දෙකක් ඇතුළත් වේ.

නේපාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාව බොහෝ සෙයින් දායකත්වය දක්වන අතර ඒ වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!