Gossip

යාලුකමේ අපූරු බැඳීම…

ඉන්දියාව සග භූතානය යනු හුදෙක් දේශසීමාවකින් වෙන් වූ අසල්වැසි රටවල් ද්විත්වයක් පමණක් නොවේ.

ඔවුන් විශ්වාසය සහ ද්විපාර්ශවික අවබෝධය මත සාම්ප්‍රදායික හා සංස්කෘතික වශයෙන් ගෙන ආ බැදීම් ඔස්සේ අදටත් සහයෝගයෙන් කටයුතු කරයි.

ඒ සදහා ශක්තිමත් පදනම් වී ඇත්තේ ආගමික බැදීම්, ආර්ථික සහයෝගිතාව සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමයි.

භූතානය විසින් සෑම විටම ඉන්දියාව සලකනු ලබන්නේ ශුද්ධ වූ භූමියක් ලෙසයි.

ඊට හේතුව භූතානය හා ඉන්දියාව අතර බැදීම ශක්තිමත් කරන බුදු දහමයි.

ආර්ථික වශයෙන් ඉන්දියාව මේවනවිට ලබා ඇති ජයග්‍රහණයේ ප්‍රථිපල භූතානය ද භුක්ති විදියි.

දේශසීමාවලින් වටවී ඇති භූතානයට ඇති හොදම ජාත්‍යන්තර වෙළඳපල වන්නේ ඉන්දියාවයි.

ඊට අමතරව ඉන්දියාව යනු භූතානයේ ප්‍රධාන ආයෝජකයෙකු ද වේ.

පර්‍යේෂණ හා සංවර්ධන, බලශක්තිය, මෙන්ම අධ්‍යාපනය වැනි අංශ ඔස්සේ භූතානය ඉන්දියාවේ සහය ලබයි.

භූතානයේ තරුණ ප්‍රජාවගේ කුසලතා සංවර්ධනයට සහ රැකියා නියුක්තිය ඉහළ නැංවීම සදහා ඉන්දියාව ප්‍රධාන මැදිහත්කරුවෙක්.

විද්‍යාව, තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය වැනි අංශ ඔස්සේ ඉන්දියාව, භූතානයේ සිසුන් හට දැනුම සපයයි.

එමෙන්ම අවශ්‍යතාවය අනුව භූතානයේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල ප්‍රධාන සැපයුම්කරු ද ඉන්දියාව වේ.

කොවිඩ් වසංගතය හමුවේ භූතානයේ ප්‍රධාන එන්නත් හා සෞඛ්‍ය උපකරණ සැපයුම්කරුවා වූයේ ද ඉන්දියාවයි.

තිරසාර සංවර්ධනය කරා යන ගමනේ අතනොහරින හවුල්කරුවා මෙන්ම මිතුරා ද ඉන්දියාව බව භූතානය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ ද පවසා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!