Gossip News

ඉන්දියාවේ රයිනෝ සතුන් ගැන සුබ ආරංචියක්…

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ Kaziranga ජාතික වනෝද්‍යානයේ සිටින රයිනෝ සතුන් ගැන සුබ පුවතක් වාර්තා වේ

ඒ, එම වනෝද්‍යානයේ වෙසෙන රයිනෝ සතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි.

Kaziranga ජාතික වනෝද්‍යානයේ සිටින රයිනෝ සතුන් දඩයක්කරුවන්ගෙන් ආරක්ෂා කිරීමට අසාම් බලධාරීන් දැඩි උත්සහයක් ගනු ලැබුවා.

එම සියලු ප්‍රයත්නයන් මේවනවිට සාර්ථක වී ඇති අතර 2022 වසරේදී Kaziranga ජාතික වනෝද්‍යානය තුළදී කිසිදු රයිනෝ සත්ත්වයෙක් දඩයක්කරුවන්ගේ ඉලක්කයක් බවට පත්ව නොමැති බව අසාම් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය හිමන්තා බිස්වා සර්මා ප්‍රකාශ කරයි.

Kaziranga ජාතික වනෝද්‍යානයට අමතරව Manas සහ Orang යන ජාතික වනෝද්‍යාන තුළ මෙන්ම Pobitora අභයභූමිය තුළ ද 2022 වසරේදී කිසිදු රයිනෝ සත්ත්වයෙක් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්ව නොමැති බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

භාරතීය ජනතා පක්ෂය බලයට පත්වීමෙන් අනතුරුව අසාම් ප්‍රාන්තයේ වනෝද්‍යාන තුළ වෙසෙන රයිනෝ සතුන්ගේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

2013 – 2014 කාලපරාසය තුළ අසාම් ප්‍රාන්තය තුළ රයිනෝ සතුන් 27 දෙනෙකු දඩයම්කරුවන්ගේ ඉලක්ක බවට පත්ව තිබිණි.

ඒ හමුවේ රයිනෝ සතුන් දඩයක්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනිමට අසාම් බලධාරීන් දැඩි උත්සහයක් ගනු ලැබුවා.

වනජීවී හා පොලිස් නිලධාරීන් යොදවා ඔත්තු බැලීම, ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු රැස් කිරීම, වනජීවී නීති දැඩි කිරීම හා ජාතික වනෝද්‍යාන සහ අභයභූමි ප්‍රාන්ත රජයවිසින් දැඩිව නිරීක්ෂණය කිරීම ඒ අතරට අයත්.

එහි ප්‍රතිපලයක් ලෙස 2019 වසරේදී රයිනෝ සතුන් 03 දෙනෙකු හා 2020 වසරේදී රයිනෝ සතුන් දෙදෙනෙකුත් පමණක් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වී තිබේ.

කෙසේවෙතත් 2022 වසර සුවිශේෂී වසරක් වන අතර බලධාරීන්ගේ සාර්ථක ක්‍රියාපිළිවෙත හමුවේ මේවනවිට අසාම් ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන තුළ හා අභය භූමි තුළ වෙසෙන රයිනෝ සතුන්ගේ ජිවිත සම්පූර්ණයෙන් ආරක්ෂා වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!