Gossip

සීත ඍතුවේදී විදේශීකයින්ගෙන් පිරීයන කාශ්මීරය…

වසර 02 ක් පුරා පැවැති කොරෝනා අවදානම මදක් පහව යාමත් සමග කාශ්මීරයේ සංචාරක කර්මාන්තය යළිත් පිබිදී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙවර සීත ඍතුවේදී කාශ්මීරය විදේශීකයින්ගෙන් පිරී පවතින බවයි.

නිතැතින් සුන්දර කාශ්මීරය සීත ඍතුවේදී පාරාදීසයක සිරි ගන්නා අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් බැද ගන්නා සංචාරක නවාතැනක්.

හිමෙන් වැසුනු කදු හා උද්‍යානවලට අමතරව කාශ්මීරයේ දුම්රිය මාර්ග ද හිමෙන් වැසී ගොස් තිබේ.

එහිදී දුම්රිය ගමනක් සදහා එක්වීමටත් දුම්රිය ගමන් දෙස බලා සිටීමත් සංචාරකයින්ට මහත් විනෝදයක් ගෙන දෙයි.

මෙම සීත ඍතුව අවසන් වීමට පෙර කෝටි 1.2 කට ආසන්න දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් කාශ්මීරයේ සංචාරය කරනු ඇතැයි අපේක්ෂිතයි.

එහි ප්‍රථිපලයක් ලෙස කාශ්මීරයේ හෝටල් සහ නවාතැන් සංචාරකයින්ගෙන් පිරී පවතී.

සංචාරක ආකර්ශනය ඉහළ යාමත් සමග එම කර්මාන්තය ඉහල නැංවීමේ අපේක්ෂාවෙන් සංචාරකයින් සදහාම වෙන්වූ විනෝද ක්‍රීඩා, සැණකෙළි සහ ආහාර පාන අලෙවි සැල් රැසක් ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම හෝටල් සහ සංචාරක නවාතැන්වල තදබදය මග හැරීමටත්, සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් සැපයීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් කාශ්මීරය තුළ විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

ජලය, විදුලිය සහ හිම ඉවත් කිරීමේ සේවා පුළුල් කර ඇති අතර සංචාරකයින්ට බාධාවකින් තොරව විනෝදවීම සදහා සියලු පහසුකම් සපයා ඇතැයි කාශ්මීර බලධාරීන් පවසයි.

මෙම සීත ඍතුවේදී පමණක් නොව වසර පුරා කාශ්මීරය වෙත සංචාරකයින් පිළිගන්නා බවත්, ඔවුන් වෙනුවෙන් සියලු පහසුකම් ස්ථාපිත කර ඇති බවත් බලධාරීන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!