Gossip

කාශ්මීරයේ සිසුන්ට ඉන්දියාව පුරා සංචාරය කිරීමට අවස්ථාවක්…

ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය විසින් සංවිධාන කරන අධ්‍යාපනික හා අභිප්‍රේරණ “Bharat Darshan” චාරිකාව යටතේ තවත් කාශ්මීර සිසුන් පිරිසකට මුම්බායි නුවර සංචාරය කිරීමට අවස්ථාව හිමිවිය.

එම වැඩසටහන යටතේ කාශ්මීරයේ පාසැල් සිසුන් හට ඉන්දියාවේ ප්‍රධාන නගරයක පිහිටි වැදගත් හා ඓතිහාසික ස්ථාන නැරඹීමට අවස්ථාව හිමි වෙයි.

මෙවර සංචාරය යටතේ කාශ්මීරයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් 29 දෙනෙකු චාරිකාවට එක්ව තිබේ.

ඒ සිසුන් 22 දෙදෙනෙකු හා සිසුවියන් 07 දෙනෙකු ලෙසයි.

සිසුන් පිරිස අදාළ සංචාරය සදහා ගුවන් මගින් මුම්බායි වෙත රැගෙනවිත් තිබිණි.

දින 07 ක සංචාරයේදී සිසුන් කාශ්මීරයේ ආදරය සහ සාමය රැගෙන මුම්බායි නුවර් සංචාරය කරනු ඇති.

සංචාරය සදහා එක්ව සිටින සිසුන් සදහා ආහාර, නවාතැන්,ඇදුම් පැළදුම් හා ප්‍රවාහනය නොමිලේ ලබා දෙයි.

ඉන්දීය රජයේ සිවිල් ක්‍රියාකාරී වැඩසටහන යටතේ දේශසීමා ආරක්ෂක බලකාය විසින්
මෙලෙස කාශ්මීරයේ පාසල් සිසුන් ප්‍රධාන නගරවල පිහිටි වැදගත් හා ඓතිහාසික ස්ථානවල් සංචාරයට එක් කෙරෙනවා.

Bharat Darshan සංචාරය යටතේ මේ දක්වා කාශ්මීරයේ සිට ඉන්දියාවේ නගරවල සංචාරය සදහා එක්ව ඇති පාසල් සිසුන් සංඛ්‍යාව 1,100 ක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!