Gossip

කාශ්මීරයටත් එන බෲස් ලී…

ආත්ම ආරක්ෂක සටන් කලාව කියූ සැනින් මතකයට නැගෙන්නේ පෞරුෂයෙන් යුත් පිරිමි චරිතයක් වුවත් කාන්තාවන්ට ද එහි තහනමක් නොවේ.

එවන් පසුබිමක් තුළ ආත්ම ආරක්ෂක සටන් කලාව ජීවිතය කර ගත් දැරියක් පිළිබඳ පුවතක් කාශ්මීරයේ Shopian දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

ඇය නමින් Falak Mumtaz.

කාශ්මීරයේ ගැහැණු ළමුන් ක්‍රීඩාවට දක්ෂ බව ජාත්‍යන්තරය තුළ ප්‍රකටයි.

Falak Mumtaz ඒ සදහා එක් උදාහරණයක්.

11 හැවිරිදි ඇය කුඩා කල සිටම ආත්මාරක්ෂක සටන් කලාවේ ප්‍රකට චරිතයක් වන බෲස් ලී ගේ චිත්‍රපට නැරඹීමට නැඹුරු වී තිබේ.

ඒ හමුවේ ඇය හැදී වැඩෙන්නේ ආත්මාරක්ෂක සටන් කලාවේ ප්‍රවීණයෙකු වීමට සිහින දකිමින්.

පාසලේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන Mumtaz පාසලේත් ක්‍රීඩාවට දක්ෂතා දක්වයි.

ආත්මාරක්ෂක සටන් කලාව පුහුණු කරන Mumtaz ඉකුත්දා ආත්මාරක්ෂක සටන් කලාව සදහා වන Sqay ශූරතාවයලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් ව තිබේ.

ඇය පවසන්නේ තමන්ගේ සිහිනය වී ඇත්තේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය නියෝජනය කිරිම බවයි.

එමෙන්ම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් එහි සාර්ථකත්වයෙන් අනතුරුව ඉන්දිය පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවක් සදහා එක්වීම සිය අරමුණ බව ද ඇය පවසයි.

එමෙන්ම Falak Mumtaz පවසන්නේ කාශ්මීරයේ බෲස් ලී වීම සිය ඉලක්කය බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!