Gossip

විදුලි අර්බුදය මගින් සමාජ මාධ්‍ය කැළඹූ Qawwali ගීතය…

ශ්‍රීනගර්හි ආධුනික සංගීත කණ්ඩායමක් විසින් ගායනා කරන ගීතයක් මේවනවිට කාශ්මීරය තුළ පුළුල් ලෙස ප්‍රචලිත වෙමින් පවතී.

ඊට හේතුව වී ඇත්තේ වර්තමානයේ පවතින විදුලි අර්බුදය අළලා එම ගීතය නිර්මාණය කර තිබීමයි.

ගීතයට පදනම්ව ඇති මාතෘකාව අර්බුදයක් වුවත්, එහි ඇති අලංකාර තනු නිර්මාණය හේතුවෙන් ගී‍තය මේ දිනවල අන්තර්ජාලය හරහා දැඩි ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ගීතය නිර්මාණය කර ඇත්තේ Qawwali සම්ප්‍රදායටයි.

කාශ්මීරයේ කීර්තිමත් ගීත රචකයෙකු වන Pir Zahoor ගීතය රචනා කර තිබේ.

එයට හඩ මුසුකර ඇත්තේ Nasir Ahmed, Anas Tariq සහ Ahmed Sabir විසින්.

ගීතය කාශ්මීර කලාපය තුළ කෙතරම් ප්‍රචලිත වී තිබේද යන්නට හොදම උදාහරණය වන්නේ එය මේ වනවිට දුරකතන සමාගම් සේවා හරහා Ringtone ලෙස ද යොදා ගත යුතු බවට මතයක් ගොඩනැගෙමින් තිබීමයි.

එමෙන්ම මෙම Qawwali ගීතය සමාජ මාධ්‍ය තුළද වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

විචාරකයන් පවසන්නේ කාශ්මීරය තුළ සිටින තරුණ ප්‍රජාවට බුද්ධිය හා දක්ෂතාවයේ අඩුවක් නොමැති බවත් ඔවුන්ට තවදුරටත් අත්වැල් සැපයීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!