Gossip

කුකුළන්ගෙන් ගොඩ යන හැටි මෙන්න…

කුකුළු ගොවිපළක් යනු අතීතයේ පටන් කාශ්මීර ජනතාවගේ ජීවිතය හා බද්ධ වුනු අංගයක්.

එහෙත් නවීකරණය හමුවේ එය කාශ්මීර ජනජීවිතයෙන් ඈත් වී යන අයුරු දැක ගත හැකි විය.

කෙසේවෙතත් කාශ්මීර බලධාරීන්ගේ මැදිහත්වීම මත ජනතාව යළිත් කුකුළු ගොවිපළ කර්මාන්තයක් සේ පවත්වා ගෙන යාමට නැඹුරුව සිටියි.

ඒ සදහා අවශ්‍ය ප්‍රාග්ධනය හා තාක්ෂණික උපදෙස් හා සේවා බලධාරීන් විසින් සපයනු ලබයි.

ඒ අනුව කාශ්මීර වැසියන් සිය දෛනික අවශ්‍යතාවය සදහා මෙන්ම ස්වයං රැකියාවක් ලෙස කුකුළු ගොවිපළ පවත්වාගෙන යාමට නැඹුරු වී සිටියි.

ඒ හරහා කාශ්මීරය තුළ ජනතාවගේ ආහාර රටාව වෙනස්වීම්, මධ්‍ය පාන්තික ජනතාවගේ නැගී සිටීම හා ඔවුන්ගේ ආදායම ඉහළ යාම, සත්ත්ව නිෂ්පාදන මත පදනම් වූ පෞද්ගලික ආයතන කාශ්මීර කලාපය වෙත ඇදී ඒම මෙන්ම වෙළදපල කුකුළු නිෂ්පාදන සදහා ඇති ඉල්ලුම ඉහළ යාම දැකිය හැකියි.

කුකුළු කර්මාන්තයේ නිරත ගොවීන් සදහා මූල්‍ය සහන ලබා දීම හා තාක්ෂණික පහසුකම් සැපයීම රජය විසින් සිදු කරයි

ඒ හරහා උගත් දක්ෂ තරුණ ප්‍රජාව ස්වයං රැකියා හරහා ව්‍යාපාරිකයින් බවට පත් කිරීම අරමුණ බව බලධාරීන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!