Gossip

පරාජයෙන් දිරි ගන්නා ඉන්දීය ක්‍රීඩිකාවෝ….

ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාව සදහා නම් දැරූ රටක්.

කුමන වයස් සීමාවේ වුවත්, කාන්තා හෝ පිරිමි වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉන්දියාවට අමිහිරි පරාජයක් අත්වන්නේ ඉතාමත් කලාතුරකින්.

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දී ඇති ස්ථානය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීමයි.

ඒ සදහා කදිම නිදසුනක් සපයන පුවතක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් වාර්තා විය.

ඉකුත්දා ඉන්දියාවේ පැවැති ජාතික දෘශ්‍යාබාධිත කාන්තා පන්දුවාර 20 තරගාවලිය සදහා ඇසෑම් ප්‍රාන්තය නියෝජනය කරමින් පළමු වරට ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වුණා.

එහෙත් කේරළ, තමිල්නාඩු සහ දිල්ලි ප්‍රාන්ත කණ්ඩායම් හමුවේ ඇසෑම් ක්‍රීඩිකාවන්ට හිමිවූයේ අනපේක්ෂිත පරාජයක්.

එහෙත් ඔවුන් පවසන්නේ පරාජයෙන් පසුබට නොවී යළිත් ඉක්මණින් ක්‍රීඩා පිටියට අවතීර්ණ වන බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව වේදනා සුව කරන බවත් එය බලාපොරොත්තු සදහා පියාපත් ලබා දෙන බවත් ඇසෑම් ප්‍රාන්තයේ දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා රජීනා පවසනවා.

ඇය පවසන්නේ පරාජය හමුවේ වුව ද, තමන් ඇතුළු අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ උත්සහය සහ බලාපොරොත්තු නිමා නොවන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!