Gossip

වාර්තා තබමින් Kaziranga ජාතික උද්‍යානයකට සංචාරකයින් ඇදී එයි…

ඉන්දියාවේ Assam ප්‍රාන්තයේ පිහිටි Kaziranga ජාතික උද්‍යානය වෙත සංචාරක ආකර්ෂණය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ හත්වන යුනෙස්කෝ ලෝක උරුම කලාපයක් වන Kaziranga ජාතික වනෝද්‍යානය වෙත සංචාරකයින්ගේ පැමිණීම සියයට 789 කින් ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

Kaziranga ජාතික වනෝද්‍යානය සංචාරකයින් අතර ප්‍රකටව ඇත්තේ රයිනෝ සතුන් දැකබලා ගත හැකි ස්ථානයක් ලෙසයි.

එහි සිටින රයිනෝ සතුන් සංඛ්‍යාව 2613 කට අධිකයි.

ඊට අමතරව බොංගාලි ව්‍යාග්‍රයින්, ආසියානු අලින් මෙන්ම තවත් සතුන් රැසකට මෙන්ම කුරුළු විශේෂ 125 ක පමණ Kaziranga ජාතික වනෝද්‍යානය සිය වාසස්ථානය කරගෙන සිටී.

මේදිනවල විදේශීය සංචාරකයින් රැසක් එම වනෝද්‍යානය වෙත බොහෝ සෙයින් ආකර්ශනය වී සිටියේ අමෙරිකාවෙන් හා යුරෝපා රටවලින් පැමිණෙන පිරිස්.

එහෙත් මේවනවිට ලොව නන් දෙසින් Kaziranga ජාතික උද්‍යානය වෙත සංචාරකයින් ඇදී එන බව පැවසේ.

2022 වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මාස 03 ක කාලය තුළ උද්‍යානයේ ආදායම ඉන්දීය රුපියල් කෝටි 3.44 ක් බව උද්‍යාන වාර්තා අනාවරණ කරයි.

2021 වසරේ එම කාලය තුළ උද්‍යානය ලබා තිබූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 2.60 ක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!