Gossip

හිම ක්‍රීඩාව සදහා යා යුතුම කාශ්මීරයේ දී සංචාරකයින්ට අළුත් අත්දැකීමක්…

කාශ්මීරයේ ‘ශ්‍රී නගර් ‘ හී පිහිටි’ Pri Panjal ‘ කඳු පාමුල පිහිටි ගුල්මාග් සංචාරක ගම්මානය අධික හිම පතනය මධ්‍යයේ වුවද සුන්දර දසුන් මවමින් තිබේ.

ඒ හමුවේ දැඩි ශීත කාලගුණය ද නොතකා දෙස් විදෙස් සංචාරකයින් ගුල්මාග් වෙත පැමිණෙමින් ඇත.

ගුල්මාග් හී බොහෝ ප්‍රදේශ සුදු පැහැයෙන් දිස්වන්නේ හිම වැස්ම හේතුවෙන්.

එහි දී හිම ක්‍රීඩාවේ යෙදීමට දෙස් විදෙස් සංචාරකයින් මහත් ඇල්මක් දක්වයි.

ගුල්මාග් වෙත පැමිණෙන්නේ හුදෙක් හිම ක්‍රීඩා සදහා ඇළුම් කරන සංචාරකයින් පමණක්ම නොවේ.

ත්‍රාසජනක හිම ක්‍රීඩා සදහා රුචිකත්වයක් දක්වන්නන්ටද හිමෙන් වැසුණු ගුල්මාග් කදිම තෝතැන්නක් .

හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාවල නිරත වන තරුණ තරුණියන් බොහෝ පිරිසක් මේ දිනවල ගුල්මාග් හී දැකගත් හැකියි.

ඔවුන් එහි කාලය ගෙවා දමන්නේ මහත් ප්‍රීතියෙන් යුතුවයි.

තරුණ තරුණියන් අතර ගුල්මාග් හී හිමෙන් වැසුණ මිටියාවත වෙත ඇති රුචිකත්වයක් හේතුවෙන් මේ වන විට ශ්‍රී නගර් හී ක්‍රීඩා බළධාරීන් විසින් තරුණ තරුණියන් සදහා විවිධ වැඩසටහන් හදුන්වා දී තිබේ.

ඒ අතරින් ගැහැණු ළමුන් සදහාම ආරම්භ කර ඇති හිම මත ලිස්සා යාමේ පාඨමාලාව විශේෂයි .

එය පැවැත්වෙන්නේ නොමිලේ වීම ද විශේෂත්වයක් .

පාඨමාලාවේ පළමු අදියර සදහා ගැහැණු ළමුන් 40 දෙනෙකු පමණ සහභාගී වී ඇත.

එහිදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවට උනන්දුවක් දක්වන ගැහැණු ළමුන් සදහා කිසිදු ගාස්තුවක් අයකිරීමෙන් තොරව හිම මත ලිස්සා යාමේ පුහුණු කටයුතු සිදු කරනු ලබයි .

ලෝකප්‍රකට කාශ්මීරයේ හිමෙන් වැසුණු සුන්දර ගම්මාන හා මිටියාවත් වලදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව පුහුණු වීමට අවස්ථාව හිමිවීම ජීවිතයේ මින් පෙර නොළද අත්දැකීමක් බව පුහුණුවිම් වල නිරත ගැහැණු ළමුන් පෙන්වා දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!