Gossip

PATHAAN නිසා කාශ්මීරයේ සිනමා කර්මාන්තයටත් හොඳ කලක්…

කාශ්මීරයේ සිනමා ශාලා මේදිනව සිනමාලෝලීන්ගෙන් පිරී ගොස් තිබෙනවා.

ඒ කාශ්මීරයේ සිනමාශාලා තුල “Pathaan” චිත්‍රපටයට තිරගත වීම ආරම්භ කිරීමත් සමගයි.

ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වන බොලිවුඩ් සිනමා නිර්මාණය කාශ්මීරයේ සිනමාලෝලින් අතර උමතුවක් වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රීනගර්හි මෑතකදී ආරම්භ වූ INOX සිනමා ශාලාව ද මේදිනවල සිනමාලෝලීන්ගෙන් පිරී පවතිනු දැකගත හැකියි.

එහි හිමිකරු වන Vikas Dhar පවසන්නේ සිනමාශාලාව මෙලෙස පිරීයනු ඇතැයි තමන් අපේක්ෂා නොකළ බවයි.

චිත්‍රපටයට තිරගත වීම ආරම්භ කළ පළමු දිනයේ සිටම චිත්‍රපටශාලාව සම්පූර්ණයෙන් සිනමා ලෝලීන්ගෙන් පිරී ගොස් ඇති බව ඔහු පවසයි.

කාශ්මීරයේ තරුණියන් වැසි පිරිසක් PATHAAN නැරඹීමට සිනමාශාලා වෙත එනු දැකගත හැකියි.

කාශ්මීර නිම්නය තුළ සිනමා සංස්කෘතිය වේගයෙන් වර්ධනය වනු ඇති බවට සිනමාශාලා හිමිකරුවන් විශ්වාසය පළ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!