Gossip

ආගම විසින් ගිලගත් ලෝකයම ඇගයූ පකිස්තාන චිත්‍රපටය…

“Joyland” චිත්‍රපටයට පකිස්තානය තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

එම චිත්‍රපටයට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් සමග ආදරයෙන් බැදෙන පුද්ගලයකු අලලා නිර්මාණය වූවක්.

Joyland යනු කෑන්ස් සිනමා සම්මාන උළෙලේදී පවා සම්මානයට පාත්‍රවූ චිත්‍රපටයක්.

Toronto සහ American සිනමා සම්මාන උළෙලවල පළමු ප්‍රදර්ශනයෙන් අනතුරුව “Joyland” චිත්‍රපටයට ප්‍රතිචාර රැසක් ජාත්‍යන්තරය තුළින් නිර්මාණය වෙමින් පැවතීම ද විශේෂත්වයක් වෙයි.

පළමුව බලධාරීන්ගේ අවසරය හිමිවූ බැවින් Joyland චිත්‍රපටය මෙම සතියේ සිට ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර පැවතුණි.

නමුත් බලධාරීන් පසුව එම තීරණය වෙනස් කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ආගමික නායකයින්ගෙන් එල්ල වූ පැමිණිලි හේතුවෙන් පකිස්තාන බලධාරීන් එම තීරණය ගෙන ඇති බවයි.

ආගමික නායකයින් එම චිත්‍රපටයට විරුද්ධ බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේවෙතත් Joyland යනු 2023 ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂාංග කාණ්ඩයට පකිස්ථානයේ නිල වශයෙන් ඇතුළත් වීමට තිබූ අවස්ථාවයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!