Gossip

බලහත්කාරයෙන් කසාද බන්දන චීනයේ ගැහැණු…

2014 වසරේ සිට චීනයේ උයිගර් ප්‍රජාවේ කාන්තාවන්ට රජයේ මැදිහත්වීමෙන් හා බලහත්කාරයෙන් ජාතීන් අතර සිදුකරන විවාහවලට එළඹීමට සිදුවන බව වාර්තා වේ.

කාන්තාවන් බලහත්කාර විවාහ සඳහා පෙළඹවීම, නැගෙනහිර තුර්කිස්ථානයේ අන්තර්වාර්ගික විවාහ සඳහා සැකසූ රාජ්‍ය ප්‍රතිපත්ති, නැගෙනහිර තුර්කිස්ථානයේ උයිගර් වාර්ගික කාන්තාවන් සහ හන් පිරිමින් අතර අන්තර් වාර්ගික විවාහ ප්‍රවර්ධනය කිරීම, දිරිගැන්වීම සහ බල කිරීම සම්බන්ධයෙන් මේ පිළිබද සිදුකළ සමීක්ෂණ වාර්තාවක් මගින් චීන බලධාරීන්ට චෝදනා එල්ල කර තිබේ.

මිශ්‍ර විවාහ මගින් උයිගුර්වරුන් හන් චීන සමාජයට බලහත්කාරයෙන් එක් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට චීන රජය ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින බවට අදාළ වාර්තාව මගින් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාව මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ තවත් පැතිකඩක් නිරූපනය කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව චීනයේ වාර්ගික ජනතාව වෙන එල්ල වන ශාරීරික හා මානසික පීඩා සම්බන්ධයෙන් පෙනී සිටින ලෙස අදාළ රාජ්‍යයන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වලින් අදාළ වාර්තාව මගින් ඉල්ලා තිබේ.

චීනයේ කඳවුරුවල සහ බන්ධනාගාරවලදී උයිගර් කාන්තාවන් ලිංගික ප්‍රචණ්ඩත්වය ලක් වන බවට වාර්තා වන අතර උයිගර් කාන්තාවන් බලහත්කාරයෙන් වන්ධ්‍යකරණයට ලක් කරන බවට ද සාක්ෂි ඇතත් ඒවා අධිකරණයක් හමුවේ විනිශ්චය කිරීම අත්‍යවශ්‍ය වන බව ද අදාළ වාර්තාවෙන් පෙන්වා දි ඇත.

අදාල වාර්තාව සැකසිමේදී සාක්ෂි ලෙස පදනම් කර ගෙන ඇත්තේ චීන රාජ්‍ය මාධ්‍ය සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති සටහන්වල ඇති සාක්ෂි සහ උයිගර් හි වෙසෙන කාන්තාවන්ගේ ප්‍රකාශයි.

එබැවින් මෙම චෝදනා චීනයට එකවර ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව ජාත්‍යන්තරය විචාරකයන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!