Gossip

රෝස මලෙන් හොයන සල්ලි…

කාශ්මීර නිම්නය යනු කොළ පැහැයෙන් බැබලෙන ස්වභාවික සුන්දරත්වයෙන් අනූන හිමිපිට සුරපුරයක් ලෙස ප්‍රකටයි.

එහි ඖෂධීය ශාක මෙන්ම වර්ණවත් මෙන්ම සුන්දරත්වයෙන් පරිපූර්ණ මල් වර්ග නොඅඩුව තිබේ.

ඒ අතරින් රෝස මලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

එමෙන්ම විවිධ අරමුණ වෙනුවෙන් රෝසමල සිටින්නේ ද මිනිසාගේ ජීවිතයට ඉතා සමීපවයි.

රෝස මල් සඳහා කාශ්මීරයේ ප්‍රචලිත දිස්ත්‍රික්කය වන්නේ පුල්වාමා දිස්ත්‍රික්කයයි.

රෝස තෙල් නිස්සාරණය කරන කාශ්මීරයේ පිහිටි එකම දිස්ත්‍රික්කය ද එය වීම විශේෂත්වයක්.

එහි සිට රෝස තෙල් නිස්සාරණය කර විවිධ රටවලට අපනයනය කෙරේ.

මෙම දිස්ත්‍රික්කයේ රෝස වගාව දේශීය ගොවීන් විසින් මෙන්ම රාජ්‍ය මට්ටමින් ද සිදුකරනු ලබයි.

ඉන්දියානු ඒකාබද්ධ වෛද්‍ය ආයතන ගොවිපල මෙම ප්‍රදේශයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ ගොවීන් සමග අඛණ්ඩව සම්බන්ධ වී කටයුතු කරන බැවින්.

රෝස මල් සමඟ ලැවෙන්ඩර් සහ අනෙකුත් ඖෂධ පැළෑටි ද වගා කිරීම නිසා පුල්වාමා දිස්ත්‍රික්කයේ ජනතාවට රැකියා අවස්ථා නොඅඩුව පවතී.

කාශ්මීරයේ රෝස තෙල් සහ ලැවෙන්ඩර් සඳහා ජාත්‍යන්තර වෙලඳපලේ පවතින්නේ ද ඉහළ ඉල්ලුමක්.

කාශ්මීර නිම්නයටම විශේෂ රෝස මල් වර්ග තුනකින් ලබා ගන්නා තෙල් ජාත්‍යන්තරයට අපනයනය කරන අතර කාශ්මීරි රෝස, ධර් රෝස සහ බල්ගීර් මගින් එම තෙල් නිෂ්පාදනය කරනු ලබයි.

කාශ්මීර නිම්නයේ පවතින දේශගුණය මෙම රෝස වර්ග වගා කිරීම සඳහා ඉතා සුදුසු වේ.

මෙම වර්ගයේ රෝස මල් වලින් ලබාගත් තෙල් සුවඳ විලවුන් හා ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරන අතර තත්ත්වයෙන් උසස් බැවින් වෙළඳපල තු කාශ්මීර රෝස තෙල් සඳහා දැඩි ඉල්ලුමක් ද ඇත.

එබැවින් අදාළ කර්මාන්තයේ නිරත ඒ සඳහා දිරිගැන්වීම ඉන්දීය රජයේ උත්සහයයි.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා “Aroma Mission” නමින් වැඩසටහනක් ද දියත් කර ඇති අතර ඒ යටතේ දේශීය ගොවීන්ට අවශ්‍ය සියලු තොරතුරු සහ අනෙකුත් සහාය ලබා දෙනු ලැබේ.

දේශීය ගොවීන් රජයේ වැඩසටහන් සඳහා අවධානය යොමු කර සිය කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන ගියහොත් ඔවුන්ට එයින් විශාල ලාභයක් ලබා ගත හැකි බව විද්වතුන්ගේ අදහසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!