Gossip

ලොව පුරා නම රැන්දූ ඉන්දියාවේ හුදකලා අවන්හල

ඉන්දියාවේ කාශ්මීරයේ ශ්‍රී නගර්හි හුදෙකලාව පිහිටි Central Perk cafe ආපන ශාලාව එහි යන එන දෙස් විදෙස් සංචාරකයින්ගේ සුප්‍රකට නවාතැන්පළක්.

එහි හිමිකරුවන් වන්නේ අෆ්රා සහ ෆාහීම්.

2019 වසරේදී උපාධිධාරී අෆ්රාගේ අදහසකට අනුව වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන ඇයගේ සැමියා ෆාහිම් Central Perk cafe සැකසුම් ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

එහෙත් කොවිඩ් අර්බුදය හමුවේ කල්දැමුණු අපේක්ෂාවන් ද සමගින් හුදෙකලාව පිහිටි මෙම ආපන ශාලාව විවෘත වූයේ මෙම වසරේදීයි.

විවෘත කර මාස 03 ක් වැනි කෙටි කලක් අතරතුර Central Perk cafe වෙත විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් ඇදී එන බවයි අෆ්රා සහ ෆහීම් පවසන්නේ.

පිහිට ස්ථානය අනුව එය ඉදිකිරීමේ සිටම අෆ්රා සහ ෆාහීම්ට බොහෝ දෙනෙකු පවසා තිබුණේ එය සාර්ථක නොවනු ඇති බවයි.

නගරයෙන් දුරබැහැරව පිහිටා තිබීම, ආසන්නයේ තවත් ආපන ශාලා නොතිබීම හා පහසුවෙන් ලගාවීමට නොහැකි වීම යන කරුණු මත සංචාරකයින්ගේ ආකර්ෂණය සිය හුදෙකලා ආපනශාලාව වෙත යොමු නොවනු ඇතැයි අෆ්රා සහ ෆාහීම්ට බොහෝ දෙනෙකු පවසා තිබුණා.

එහෙත්, අෆ්රා සහ ෆාහීම් දැන් පවසන්නේ තවත් සුපිරි ආපන ශාලා බොහොමයක් පසුකර ගෙන සිය හුදෙකලා ආපනශාලාව වෙත දෙස් විදෙස් සංචාරකයින් බොහෝදෙනෙකු පැමිණෙන බවයි.

අභියෝග මධ්‍යයේ ආරම්භ කළ Central Perk cafe හුදෙක් පාරිභෝගිකයින් සඳහා අවශ්‍ය ආහාර පමණක්වලින් සැදුම්ලද්දක් පමණක් නොව පාරිභෝගික භාණ්ඩවලින් පිරුණු වෙළඳසැලක් බවට පත් කර ගැනීම අෆ්රා සහ ෆාහීම්ගේ බලාපොරොත්තුව වි තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!