Gossip

ඉන්දියානු ක්‍රමයට හැරෙන අමෙරිකාවේ අවන්හල්…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රාජ්‍ය සංචාරය වෙනුවෙන් අමෙරිකාව මේවනවිට කටයුතු සම්පාදනය කරමින් සිටියි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට සමගාමීවඅමෙරිකාවේ අවන්හල් තුළ ද ඉන්දියාවට ආවේණික ආහාර පාන හඳුන්වාදීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එවැනි පුවතක් අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයෙන් වාර්තා විය.

එම ප්‍රාන්තයේ අවන්හලක ඉන්දීය ක්‍රමයට සැකසූ තාලි ආහාර වට්ටෝරු අලෙවි කිරීම ආරම්භ කර ඇති බවයි.

අමෙරිකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාවගේ ඉල්ලීම මත එම අවන්හල තාලි සකස් කරන බව සඳහන්.

එහෙත් අවන්හල වෙත පැමිණෙන ඉන්දියානු පාරිභෝගිකයින් පමණක් නොව අමෙරිකානුවන් හා වෙනත් රටවල පාරිභෝගිකයින්ගෙන් ද තාලි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින්ද් බව අවන්හල් හිමිකරු සඳහන් කර තිබේ.

මේවනවිට අවන්හල වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉන්දියාවේ තාලි සඳහා බව ද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!