Gossip

රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් පිරී යන ඉන්දියාව…

ඉන්දියාව සභාපතිත්වය දරණ G20 සමුළුවේ සංවර්ධන අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා G20 රටවල නියෝජිතයින් රැසක් වරනාසි වෙත පැමිණ සිටියි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එලෙස ඉන්දියාවට පැමිණ සිටින විදේශ නියෝජිතයින් පිරිසක් සමඟ වරනාසි සාරානාත් පූජනීය බෞද්ධ විහාරස්ථානය වෙත ගොස් ඇත.

එහිදී ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව තිබුණේ භාරතයේ අශෝක අධිරාජ්‍යයා විසින් පිහිටුවන අලංකාර ස්ථම්භය වෙතයි.

මීට අමතර මුලගන්ධ කුටි විහාරයේ නටබුන්, ස්ථූප අවශේෂ, අශෝකන් තීරුව, ස්මාරක, ධාතු සහ මෞර්ය යුගයේ ආරාම වැනි ව්‍යුහයන් නැරඹීමට ද ඉන්දියාවට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අවස්ථාව උදාකර දී ඇත.

ඊට අමතරව සාරානාත් හිදී ඉන්දියාවට ආවේණික සාම්ප්‍රදයික නර්ථන අංග දැක බලා ගැනීමට ද එම රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අවස්ථාව හිමිව තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!