Gossip

අමෙරිකානු තානාපතිට නැතිවම බැරි ඉන්දියාවේ තාලි…

ඉන්දියාව ගැන ඇසූ පමණින් ඔවුන්ගේ සාම්ප්‍රදායික රසවත් ආහාර වට්ටෝරු ගැන අමතක කළ නොහැකි තරම්.

ඉන්දියාවටම ආවේණික වූ ආහාර පාන සහ ඔවුන් එම ආහාර රස ගැන්වීමට යොදා ගන්නා කුළුබඩු වර්ග ලෝකය පුරා ප්‍රකටයි.

ඇතැමුන් ඉන්දියාවට පැමිණෙන්නේ මෙම ආහාර පාන වල රස බැලීම අරමුණු කර ගනිමින්.

ඉන්දියාවේ රැඳී සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් ද ඉන්දීයාවේ සාම්ප්‍රදායික ආහාර බඳුනට පෙම් බඳින පිරිස අතර ප්‍රමුඛයි.

ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාර්සෙට්ටි එලෙස ඉන්දියානු ආහාර පාන වර්ග සඳහා මහත් ඇල්මක් දක්වන අයෙක්.

ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලට ආවේණික වු ආහාර රස බැලීමට ඔහු මහත් රුචියක් දක්වන බව වාර්තා වෙයි.

වරක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර අත්හදා බැලූ ඔහු තවත් වරක් සගයන් කිහිප දෙනෙකු සමඟ දිල්ලියේ තමිල්නාඩු භවන් වෙත ගොස් තිබේ.

එහිදී අමෙරිකානු තානාපතිවරයා දකුණු ඉන්දීය ප්‍රණීත ආහාර වර්ග රස විඳින ආකාරය දැක්වෙන ඡායාරූපයක් තානාපති කාර්යාලය ට්විටර් විසින් ද ට්විටර් වෙත නිකුත් කර තිබුණි.

එහි දැක්වෙන්නේ තානාපතිවරයා ඉන්දියාවේ සාම්ප්‍රදායික තාලි ආහාර වේලක් භුක්ති විඳින ආකාරයයි.

දකුණු ඉන්දියානු ආහාර පාන වර්ග වලට සිත ඇදී ගොස් ඇති බව ද ඔහු එහි පවසා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!