Gossip

ශ්‍රී නගර් Smart වෙයි…

ඉන්දියාවේ කාශ්මීරය මේ දිනවල කාර්යයබහුල වී තිබේ.

ඒ හුදෙක් කාශ්මීර ජනයාගේ ජන ජීවිතය කාර්යයබහුල වීම නිසා නොව.

ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවේ ක්‍රියාකාරී ඒකරාශී වීම් හේතුවෙන්.

ගැටුම් සඳහා නම් දරා සිටි කාශ්මීරය මේවනවිට ජාත්‍යන්තර ප්‍රජාවගේ ගමනාන්තයක් වී ඇත.

ඒ කාශ්මීරයේ ආරක්ෂාව තහවුරු කර යටිතල පහසුකම් නංවා ජන ජීවිතය ස්ථාවර කිරීමට රජය ගෙන ගිය වැඩපිළිවෙල හේතුවෙන්.

මෙවර ජී 20 සමුළුවට සමගාමී ජාත්‍යන්තර සමුළු කිහිපයක්ම කාශ්මීරයේ ශ්‍රී නගර්හිදී පැවැත්වෙයි.

ශ්‍රීනගර් යනු ශතවර්ෂ ගණනාවක් පුරාවට ස්වභාව සෞන්දර්ය සහ සංස්කෘතිය ඒකාබද්ධව පැවැති ස්ථානයක්.

එම තත්ත්වය අද දිනයේ ද නොනැසී පවතී.

ජී20 ට සමගාමීව ලොව පුරා රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් හා නිලධාරීන් ශ්‍රී නගර් වෙත පැමිණේ.

එලෙස පැමිණෙන අමුත්තන් එහි රඳවා තබා ගැනීම වෙනුවෙන් ශ්‍රීනගර් මේවනවිට ස්මාර්ට් නගරයක් වී ඇත.

ත්‍රාසජනක ක්‍රීඩා, බයිසිකල් පැදීම, ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්, කඳු නැගීම, දේශීය චිත්‍ර, සාප්පු සවාරි, ආහාර විද්‍යාව, කුරුල්ලන් නැරඹීම, කෘෂිකාර්මික සහ පාරිසරික සංචාරක, විදේශීය අත්දැකීම්, හෝ ඉතිහාසය වැනි ක්ෂේත්‍ර සඳහා උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ශ්‍රී නගර් ස්මාර්ට් නගරයට පැමිණිය හැකියි.

ඔවුන් වෙනුවෙන් එහි දොරටු විවෘතව පවතී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!