Gossip

ආරක්ෂාව තර කර කාශ්මීරයට දුන් අභියෝගය…

ජී 20 සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මේවනවිට කාශ්මීරයේ ශ්‍රීනගර්හි දී ආරම්භ වී තිබේ.

එය හෙට දිනය දක්වා පැවැත්වෙනු ඇති.

ශ්‍රීනගර් ගුවන්තොටුපළේදී සංචාරක අමාත්‍ය ජී කිෂාන් රෙඩ්ඩි විසින් අමුත්තන් පිළිගනු ලැබීය.

ජම්මු සහ කාශ්මීරයේ සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කරමින් දේශීය කලාකරුවන් විසින් සාම්ප්‍රදායික නර්ථන අංග ඇතුළුව විශිෂ්ට ප්‍රදර්ශනයක් ද පවත්වා තිබේ.

G20 සමුළුවට සමගාමීව ශ්‍රීනගර් හි ආරක්ෂක විධිවිධාන තර කර ඇත.

මෙම තෙදින G20 සමුළුව සඳහා කාශ්මීරය ගුවන් නිරීක්ෂණ ඩ්‍රෝන යානා ආරක්ෂක ජාලයක් යටතේ ක්‍රියාත්මකයි.

ජාතික ආරක්ෂක සහ කමාන්ඩෝ භටයන් එහි ආරක්ෂාවට යොදවා ඇත.

කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට ඉඩ නොතබා ජම්මු සහ කාශ්මීර් පොලිසියේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම් ආරක්ෂක වලල්ලක් ලෙස ක්‍රියාකරමින් සිටී.

G20 සංචාරක ක්‍රියාකරී රැස්වීම කාශ්මීරයේ පැවැත්වීමට ප්‍රධාන හේතුව එහි ස්වභාව සෞන්දර්යයි.

ආරාධිතයින් රැසක් ඊට සහභාගී වීම සඳහා කාශ්මීරයට රැස්ව ඇත්තේ මහත් උද්‍යෝගයෙන්.

එමෙන්ම G20 සමුළුවේ රැස්වීම කාශ්මීරයට ගෙන ඒම සම්බන්ධයෙන් ඔවුන් ඉන්දීය බලධාරීන්ට ස්තූතිය පළ කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!