Gossip

කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාශ්මීරයෙන් අලුත් වැඩක්…

කාශ්මීරයේ සමාජ සුබසාධන දෙපාර්තමේන්තුව ශ්‍රීනගර් හි ඊද්ගා ප්‍රදේශයේ වැඩ කරන කාන්තාවන් වෙනුවෙන් නේවාසිකාගාරයක් විවෘත කිරීමට සූදානම් වෙයි.

රට පුරා අනෙකුත් ප්‍රාන්තවල මෙන්ම, කාශ්මීර මිටියාවතේ වැඩ කරන කාන්තාවන්ටද ආරක්ෂිත සහ සුවපහසු නවාතැන් පහසුකම් සලසා දීම ඔවුන්ගේ අරමුණයි.

ඒ සඳහා බහුකාර්යය ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු මේවනවිට වේගයෙන් සිදුවෙමින් පවතී.

කාශ්මීර සමාජ සුබසාධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මොහොමඩ් අෂ්රෆ් අඛූන් ග්‍රේටර් පවසන්නේ රැකියා කරන කාන්තාවන්ට අමතරව වැඩිහිටි කාන්තාවන්ට මෙම නේවාසිකාගාරය තුළ නවාතැන් පහසුකම් ලබා දෙන බවයි.

ඉදිරිය්දී කාශ්මීරයේ රැකියා කරන කාන්තාවන් සඳහා තවත් නේවාසිකාගාර ඉදිකරන බව ද ඔහු සඳහන් කළා.

නව නේවාසිකාර ගොඩනැගිල්ලේ ධාරිතාව මෙතෙක් තීරණය කර නැහැ.

ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසුව එය තීරණය කරන බව කාශ්මීර බලධාරීන් පවසයි.

කාශ්මීරයේ කාන්තාවන් ශ්‍රම බලකායට එක්වීමේ වැඩි ප්‍රවණතාවක් මේවනවිට පවතී.

ඒ අනුව කාන්තාවන් ගම්මාන වලින් නගරයට පැමිණීමේ අවස්ථාව ද ඉහළ ගොස් තිබේ.

එලෙස නාගරික ප්‍රදේශවලට පැමිණෙන කාන්තාවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කාශ්මීර බලධාරීන් පියවර ගෙන ඇති අතර මෙම නේවාසිකාර ඉදිකිරීම ද එහි එක් අදියරක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!