Gossip

කාශ්මීරයේ අපනයන ආදායම වාර්තා අතරට…

කාශ්මීරයේ හස්ත කර්මාන්ත අපනයනය පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව දෙගුණයකින් වැඩි වී තිබේ.

කාශ්මීරයේ නිල දත්ත මගින් හෙළි වූයේ එම කර්මාන්තය හරහා 2022-23 මූල්‍ය වර්ෂයේදී රුපියල් කෝටි 1116.37ක් වටිනා භාණ්ඩ අපනයනය සිදු කර ඇති බවයි.

2021 – 2022 මූල්‍ය වර්ෂයේදි කශ්මීරයේ හස්ත කර්මාන්තය තුළ සිදු කල නිෂ්පාදන අපනයනවල වටිනාකම රුපියල් කෝටි 563.13 ක් බවයි සඳහන්.

2022 – 2023 මූල්‍ය වර්ෂයේදී වැඩි වශයෙන් අපනයනය කර ඇත්තේ ෂෝල් නැතහොත් සාළුයි.

2021-22 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 165.98 ක විනාකමින් යුත් හස්ත කර්මාන්තයේ සාළු නිපැයුම් කාශ්මීරයෙන් අපනයනය කර තිබේ.

ඊට සාපේක්ෂව 2022 – 2023 වර්ෂයේදී එම කර්මාන්තයෙන් රුපියල් මිලියන 424.20 ක් වටිනා සාලු අපනයනය කර ඇත.

එමෙන්ම කාශ්මීරයේ හස්ත කර්මාන්තයේ බුමුතුරුණු නිපැයුම් ද රුපියල් කෝටි 106.15 ක වාර්තාගත අපනයන වැඩිවීමක් වාර්තා කර තිබේ.

2021-22 දී රුපියල් කෝටි 251.05 ට සාපේක්ෂව, 2022-23 දී රුපියල් කෝටි 357.21 ක බුමුතුරුණු කාශ්මීරයෙන් අපනයනය කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!