Gossip

මහා බෝධි විහාරයෙන් සිත නිවන ආරාධනයක්…

යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන පූජනීය මහාබෝධි මහාවිහාරයේ දින හතක විපස්සනා පාඨමාලාවක් පැවැත්වීමට සංවිධාන කර තිබේ.

බුද්ධගයාවේ තබර්වා ධම්ම ගයා භාවනා මධ්‍යස්ථානය විසින් පැවැත්වීමට නියමිත එම භාවනා වැඩසටගන ජූනි 30 සිට ජූලි 6 දක්වා පැවැත්වෙනු ඇති.

දින 7 ක පාඨමාලාව කල්කටා විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශය, ඉන්දියාවේ මහා බෝධි සංගමය සහ අනගාරික ධම්මපාල ජාත්‍යන්තර ආයතනය වැනි ගෞරවනීය සංවිධාන සමඟ සහයෝගයෙන් පැවැත්වේ.

මහාබෝධි මහාවිහාරයේ සන්සුන් හා අධ්‍යාත්මිකව පරිසරය තුළ භාවනානුයෝගීව සිටීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා මෙය කදිම අවස්ථාවක් බව සංවිධායකයින් පවසයි.

එහිදී දින හතක් තුළ භාවනා සැසිවලට සහභාගී වීමට අවස්ථාව සලසා ඇත.

සිහිය, සමාධිය සහ ගැඹුරු තීක්ෂ්ණ බුද්ධිය වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණක් බව ද සංවිධායකයෝ කියති.

මෙම වැඩමුළුවට විවිධ අංශවල විශේෂඥයින් එක්රැස් වන බැවින් සහභාගිවන්නන් සඳහා පරිපූර්ණ ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ඉන්දීය සහ භූතාන මාධ්‍ය වාර්තා කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!