Gossip

මිතුරෙකු වූ චීටා…

චීටා හුවමාරු ව්‍යාපෘතිය ඉන්දියාව සහ නැමීබියාව අතර මිත්‍රත්වයේ නව සංකේතයක් ලෙස මතුව ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසයි.

ඔහු ඒ බව පැවසුවේ සිය නැමීබියා සංචාරයට එක්වෙමින්.

ඉන්දියාව සහ නැමීබියාව එකට බැඳ තබන දේවල් අතර චීටාවුන් ද පැමිණ ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

ඉන්දියාවට වෙත චීටා සතුන් හුවමාරු කිරීමේ ව්‍යාපෘතියට සහය ලබා දෙන රටවල් අතර නැමීබියාව ද වෙයි.

මේවනවිට එම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මකයි.

ඒ සඳහා අප්‍රිකානු කලාපයේ සිටින චීටාවුන් ආරක්ෂා සහිතව එම සතුන් වෙනුවෙන්ම වෙන් කර ඇති ඉන්දියාවේ වන සංරක්ෂණ භූමියක් වෙත ගෙන ඒම මේවනවිටත් ආරම්භ කර තිබේ.

නැමීබියානු චීටාවන් මධ්‍ය ප්‍රදේශ් හි කුනෝ ජාතික වනෝද්‍යානයට ගෙන යාම පැහැදිලිවම ඉන්දියාව කෙරෙහි විශාල උනන්දුවක් ඇති කළ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසා ඇත්තේ.

ඉන්දිය රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් යටතේ අප්‍රිකාවෙන් රැගෙන එන චීටා සතුන් සමීපව නිරීක්ෂණය කරනු ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!