Gossip

මෝදිගේ දෙපා වැන්ද අගමැති…

පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍ය ජේම්ස් මාරපේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාද ස්පර්ශ කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

එම දර්ශනය සෑම ඉන්දියානුවෙකුගේම හදවත ස්පර්ශ කළ අතර ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගත් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජපානයේ පැවැත්වෙන ජී 7 නායක සමුළුවට සහභාගීවී දින කිහිපයකට පසු අග්‍රාමාත්‍ය මෝදි පැපුවා නිව්ගිනියාවට පැමිණ තිබුණී.

එහිදී පැපුවා නිව්ගිනියාවේ අග්‍රාමාත්‍යවරයා විසින් අගමැති මෝදි පෞද්ගලිකව පිළිගනු ලැබ තිබෙනවා.

එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උපරිම අයුරින් ආචාර කර තිබුණු අතර ආශිර්වාදය පතා දෙපා ස්පර්ශ කරනු ලැබුවා.

එය අතිශය ගෞරවයේ සලකුණක් බව ජාත්‍යන්තර විචාරකයන් පවසයි.

ඉන්දියාව ජාත්‍යන්තරය තුළදී ගෞරවයට පාත්‍ර වූයේ එහි පරාර්ථකාමී විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙන් බව ද ඔවුන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!