Gossip

වාර්තා අතරට ගිය ඉන්දියාවේ ඔටුන්න…

ඉන්දියාවේ ඔටුන්න කාශ්මීරයයි.

කාශ්මීරයට එම නම හිමිව ඇත්තේ ලොව කාශ්මීරය සතු ස්වභාව සෞන්දර්ය නිසාමයි.

හිමෙන් වැසුනු කඳු මුදුන්, සීත දිය දහරා සහ මලින් පිරුණු උද්‍යාන ලොව පුරා සිටින සංචාරකයින්ට ඉන්දියාවට පැමිණෙන්නැයි ආරාධනා කරයි.

එහි ප්‍රථිපලයක් ලෙස ජම්මු කාශ්මීරයට සංචාරකයින් පැමිණීම වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉතිහාසයේ ප්‍රථම වතාවට 2022 වසරේදී වාර්තාගත සංචාරකයින් පිරිසක් කාශ්මීරයට පැමිණ තිබේ.

එම සංඛ්‍යා මිලියන 18.8 ක්.

දර්ශනීය සුන්දරත්වයේ සිට සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් තවත් බොහෝ දේ කාශ්මීරය ලොවට බෙදා දෙයි.

ඒ නිසාම චිත්‍රපට පසුබිම් තල සඳහා ද දැන් කාශ්මීරය යනු නැතුවම බැරි ගමනාන්තයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!