Gossip

ඉතිහාසය අළුත් කිරීමට අමෙරිකාවෙන් ඉන්දීය අගමැතිට ආරාධනයක්…

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අමෙරිකාවෙන් සුවිශේෂී ආරාධනයක් සිදු කර තිබේ.

ඒ, එරට කොංග්‍රස් මණ්ඩලය ඇමතීමටයි.

ජූනි මස 22 වනදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවට පැමිණීමට නියමිත අතර ඒ රාජ්‍ය සංචාරයක් සඳහායි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදු කෙරෙනවා.

අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ බහුතර නායක චක් ෂුමර්, එරට කථානායක කෙවින් මැකාති, සෙනෙට් සුළුතර නායක මිච් මැක්කොනෙල් සහ සුළුතර නායක හකීම් ජෙෆ්රිස් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් කොංග්‍රස් මණ්ඩලය ඇමතීම සඳහා ආරාධනා කර ඇතැයි සඳහන්.

එය මහත් ගෞරවයක් ලෙස සලකනු ලබන බවත් අදාළ ලිපියෙන් ඔවුන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ජූනි 22 වනදා පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය වින්සන්ට් චර්චිල් දෙවන ලෝක සංග්‍රාමයේදී අමෙරිකානු කොංග්‍රසය අමතා ඓතිහාසික දේශනයක් සිදු කර තිබේ.

වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ද අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතා දේශනයක් සිදු කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!