Gossip

බොලිවුඩය තුළ කැපීපෙනෙන කාශ්මීරයේ නියෝජනය…

සුන්දර කාශ්මීරයේ වත්මන් පරම්පරාවේ කාන්තාවන් බාධක බිඳ දමා ඔවුන්ගේම මාවතක් නිර්මාණය කර ගනිමින් සිටියි.

ඔවුන් කුඩා පරිමාණ ව්‍යාපාරවල සිට රංගනය සහ ව්‍යවසායකත්වය දක්වා සිය වෘත්තීය ගමන්මග සකස් කර ගෙන ඇත.

ඒ අනුව කාශ්මීරයේ කාන්තාවන් රංගනයේ වාසනාව උරගා බැලීමට බොලිවුඩය ලෙස හැඳින්වෙන හින්දි චිත්‍රපට කර්මාන්තයේ හදවත වන මුම්බායි වෙත පැමිණෙමින් සිටියි.

ඊට කදිම උදාහරණයක් වන්නේ උතුරු කාශ්මීරයේ පදිංචි මතීනා රාජ්පුත්.

ඇයගේ මංගල බොලිවුඩ් චිත්‍රපටය වන ‘Welcome to Kashmir’ නිකුත් කිරීමත් සමඟ බොලිවුඩය තුළ කාශ්මීරයේ සලකුණ ගැන කතාබහක් හට ගෙන තිබේ.

දෙමළ, තෙළිඟු සහ මරාති චිත්‍රපට ක්ෂේත්‍රයේ දස්කම් පෙන්වා ඇති කර මතීනාගේ බොලිවුඩයට පිවිසීම මෙම “Welcome to Kashmir” චිත්‍රපටයටයයි.

කාශ්මීර උරුමය ගැන ආඩම්බර වන මතිනා, විවිධ ක්ෂ්‍රේත්‍ර තුල කාශ්මීරය නියෝජනය කිරීමට තමාට ලැබුණු අවස්ථා පිළිබඳව කෘතඥතාව පළ කර සිටියි.

කාශ්මීරය වෙනුවෙන් රංගනය තුළින් සිය වගකීම ලෝකයට රැගෙන යන බව ඇය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!